ජනාධිපතිවරණයට නම් පහක් යෝජනා වෙලා

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

එළඹෙන අගෝස්තු මස මහින්ද රාජපක්ෂ මහතා එය ප්‍රකාශයට පත් කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ(22) පස්වරුවේ කොළඹ විජේරාමයේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී පැවැත්වුණි.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

රැස්වීමෙන් පසු මන්ත්‍රීවරුන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සඳහා නම් පහක් යෝජනා වී ඇති ඉවත් ඒ පිළිබඳ තමා දැණුවත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එම නම් පහෙන් ඉදිරියෙන්ම ඇති නම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බවයි.

Read more

Local News