නීතිපති දෙපාර්තමේන්තුවට වඩා උසස් කෙනෙක් ලංකාවේ නැ

Share

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් සහ යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඊයේ(23) ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පියවරක් නොගතහොත් ඒ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තමා සොයා බැලු බවයි.

පුහුණුකරු සමඟ කථා කරන්න තමාට අයිතියක් නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, අස්කර වෙනත් අයෙක් ගේනන කියනවාට වඩා නැවත වතාවක් අදාළ කෙනාට එය නිසි ලෙස සිදු කිරීමට ඉඩ දීම බව ද පැවසීය.

ලබා දෙන පඩියට නිසි ප්‍රතිඵලයක් තිබිය යුතු බවත් පැවසු අමාත්‍යවරයා, ක්‍රිකට් පරිපාලක මණ්ඩලය විශාල වශයෙන් පඩි අඩු කර ක්‍රීඩකයින්ට ගෙනවන බව ද එය ගෙවන්නෙත් තරග ජයග්‍රහණයකින් පමණක් බව ද කියා සිටියේය.

ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කියනවා නම් හදිසියේ හෝ පුහුණුකරු ඉවත් කරන්න බැහැ කියලා එයට තමාට නිතී තර්කයක් ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවට වඩා උසස් කෙනෙක් ලංකාවේ නැති බව ද පැවසු අමාත්‍යවරයා, තමා කිසි විටෙකත් චන්දික හතුරුසිංහට අසාධාරණයක් වෙනවට අකමැති බව ද සඳහන් කළේය.

Read more

Local News