මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසල පෙරහැර මංගල්‍ය අරඹයි

Share

මහනුවර ඓෙතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ කටයුතු අද ආරම්භ කෙරුණි.

සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය අද (02) අළුයම 5.10ට යෙදුණු  සුබ මොහොතින් සිදුකෙරිණි.

කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසු සතර මහා දේවාල වල පෙරහැර පැවැත් වීමට නියමිතයි.

කුඹල් පෙරහැර අගෝස්තු 05 වනදා සිට 09 වනදින දක්වා පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පැවසිය.

රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වනදා පැවැත්වීමට නියමිතයි.

15 වනදා උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර, දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වෙයි.

සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා ප්‍රකාශ කළේය.

ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකා නිළධාරීන් 7000ක් පමණ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News