ජනපති කාම්බෝජයට යයි

Share

සිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) වැනිදා කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතය.

ඔසු සෙනසුරාදා දක්වා කාම්බෝජයේ රැඳී සිටිමට නියමිතය. කාම්බෝජ රජු නොරෝඩොම් සිහාමෝනි මහතාගේ ආරාධනා අනුව ජනපතිවරයා මෙම කාම්බෝජ සංචාරයට එක්ව තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජ රජු, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී දෙරට අතර බෞද්ධාගමික සමබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමට අවධානය යොමුකර ඇති බව කාම්බෝජ මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට එක්වීමට නියමිතව තිබේ.

Read more

Local News