ජනපති අපේක්ෂකයා ගැන සේමසිංහ කියන දේ

Share

ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණ සමඟ ඒකාබද්ධ වීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (08) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කීපයක කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂය සමඟ සැකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.

එම පිරිස අගෝස්තු 11 වන දින පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව අවබෝධතා ගිවිසුම් හා එකඟතාවයන්වලට පැමිණීමට සිටින බවත් මේ වන විටත් ඒ පිළිබඳ සාකච්ඡා වට පවත්වා ඇති බවත් ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News