ප්‍රභූ රථ පෙළක ත්‍රිරාේද රථයක් ගැටෙයි

Share

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ දී ප්‍රභූ රථ පෙළක ත්‍රිරාේද රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා ඇත.

මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ ත්‍රිරාේද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.

බෙන්ස් රථයේ ගැටුනු තිරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටි අනතුර සිදු වී ඇති අතර අනතුරින් ත්‍රිරාේද රථයේ ගමන් කල දෙදෙනකුට මෙසේ තුවාල සිදු වී තිබේ.

තුවාල ලැබූ ත්‍රිරාේද රථ රියදුරු සහ පසුපස ගමන් කල පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථ වල අංක තහඩු ද ගලවා දැමූ බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

Read more

Local News