අබුඩේ ගහගෙන හරි රටේ වැඩේ කරනවානම් කාටවත් ප්‍රශ්නයක් නෑ

Share

වත්මන් ආණ්ඩුව මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අද මාධ්‍ය විසින් කිනම් ආකාරයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණද වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට බාධා එල්ල වන ආකාරයෙන් කටයුතු සිදු කර නොමැති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

එසේම ජනාධිපති අපේක්ෂකයින්ගේ ඇඳුම පිළිබඳව විවිධ අදහස් පල වෙමින් තිබෙන අතර ඇඳුම කුමක් වුවද ජනතා ගැටලු විසදේනම් කුමන ඇඳුම ඇඳගෙන සිටියද ගැටලුවක් නොවන බව ඒ මහත්මිය ප්‍රකාශ කළේය.

” අපිට තව කෙනෙක්ගේ ඇඳුමක් ගැන විවේචනය කරන්න පුළුවන්කමක් නෑ.

අබුඩේ ගහගෙන හරි රටේ වැඩේ කරනවානම් කාටවත් ප්‍රශ්නයක් නෑ.”

එසේම එජාප අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයක් තියා ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් පොළොවේ පය ගසා සිටින අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කළ හැකි අපේක්ෂකයෙක් තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

Read more

Local News