හොරි වගේ කසනකල් සනීපයි, පස්සේ තමයි දැවිල්ල

Share

ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ආකාරයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමුවහොත් සුබ සාධන අංශ සියල්ල නතර කර වැටුප් පමණක් ගෙවීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ දැනට ඇති අදායම බිලියන 2000ක් බවත් දැනට වැටුප් ගෙවන බිලියන 915ට තව බිලියන 900ක් එකතු වුවහොත් බිලියන 1800ක් අවශ්‍ය වන බවත් ඒ මහතා කරුණු පැහැදිලි කලේය.

එහිදි සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ප්‍රකාශය හාස්‍යට ලක් කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ “හොරි වගේ කසනකල් සනීපයි, පස්සේ තමයි දැවිල්ල” යනුවෙන් ප්‍රකාශ කළේය.

Read more

Local News