මේ ආණ්ඩුවේ බෝම්බ එල්ල කළ අය තවමත් නිදැල්ලේ

Share

තම පක්ෂයට සටන් කිරීමට සිදුව ඇත්තේ ත්‍රස්තවාදීන්ට සහය දෙන ආණ්ඩුවක් සමඟ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු ඊයේ(26) මාතර පැවති උත්සවයකදී මේ අදහස් පළ කළේය.

ආණ්ඩුවට විරුද්ධව මුහුණු පොතේ යම් දෙයක් පළ කිරීමට අදාළව අත්අඩංගුවට ගනු ලැබු තරුණයින් දෙදෙනෙකුගේ නඩුව ඊයේ දිනයේ පැවති බවත් ඔවුන්ට ඇප ලබා නොදුන් බවත් මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මෙම සැකකරුවන් දෙදෙනා මාස 6ක කාලයක් බන්ධනාගාර ගත කර ඇතැයි පැවසු මන්ත්‍රීවරයා මේ ආණ්ඩුවේ බෝම්බ ප්‍රහාර එල්ල කළ අය තවමත් නිදැල්ලේ ඇතැයි ද පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් කට උත්තරයක් හෝ නොගත් බවත්, එය ආණ්ඩුවේ වෙනස බවත්, සියලු දෙනාට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ ලබා දිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවෙන් පීඩා විඳින සියලු දෙනා නිදහස් කර ගැනීමට මෙම සටන ගෙන යන බවත්, සටන් වැඳීමට සිදුව ඇත්තේ ත්‍රස්තවාදීන්ට උදව් කරන ආණ්ඩුවක් සමඟ බවද මහින්ද යාපා මහතා පැවසීය.

Read more

Local News