කබීර්ගෙන් ඒකාබද්ධ ගිවිසුමක් ගැන සහතිකයක්

Share

ලංකා ද්‍රෝණියේ නැගෙනහිර අක්වෙරළ තීරයේ තෙල් ගවේෂණය සඳහා ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශයේ TOTAL සමාගම හා නෝර්වේ හි Equinor සමාගම් අතර ඒකාබද්ධ ගිවිසුම අත්සන් කර තිබේ.

එම ගිවිසුම අත්සන් කිරීම ඊයේ (27) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ, 2022 වසර වන විට ශ්‍රී ලංකාව තෙල් හෝ වායු නිෂ්පාදනය කරන රටක් බවට පත්වනු ඇති බව සහතික වශයෙන් කිව හැකි බවයි.

මෙහිදී අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා,

“ස්වභාවික වායු ගවේෂණ ක්‍රියාවලියේ දී මෙය ස්වර්ණමය අවස්ථාවක් ලෙස මා දකිනවා. සති කිහිපයකට පෙර මේ අවස්ථාවේ දී ගුවන්ගත ගුරුත්ව හා චුම්බක දත්ත හදලා ගවේෂණය කිරීමේ ක්‍රියාවලිය සඳහා බෙල්ජියෝ ස්පේස් කියන ජාත්‍යන්තර සමාගම එක්ක අපි ගිවිසුම් ගත වුණා.

දවස් 10ක් ඇතුළත අද අපිට පුළුවන් වෙලා තියෙනවා, විශේෂයෙන්ම 2018 අපි අත්සන් කරපු JS5 හා JS6 කියන බිම් කොටස් දෙකේම TOTAL සමාගම සහ Equinor සමාගම සමඟ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට ඇතුළත් වුණා.

විශේෂයෙන්ම භූ විද්‍යාත්මක භෞතික සහ තාක්ෂණිකව තොරතුරු එක්රැස් කර ගෙන මෙම බිම් කොටස් දෙකෙහිම වාණිජමය වටිනාකම හා ඒවායේ තෙල් සහ වායු නිධි සොයා ගැනීම මේ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වෙනවා.“

එනිසා අපි තෝරා ගත් සමාගම් දෙක ගත්තාම TOTAL සමාගම කියන්නේ ලෝකයේ විශාලතම සමාගමක්. ඒ වගේම මේ ගිවිසුමට අපි කැබිනට් මණ්ඩල අනුමැතිය අරගෙන නෝර්වේ හි තාක්ෂණික පැත්තෙන් තවත් ලොකුම සමාගමක් වන Equinor සමාගමත් මේ ගිවිසුමට අපි ඇතුළත් කර ගෙන තියෙනවා.

මේ ප්‍රධානම ආයතන දෙක තමයි විශේෂයෙන්ම මේ අදාළ තාක්ෂණික තොරතුරු රැස්කර ගෙන සොයා ගෙන මේවාවල අධ්‍යයනය කරමින් ඒ පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵල ඉදිරියට අප සමග බෙදාහදා ගැනීමට බලාපොරාත්තු වෙන්නේ. දැනට කරලා තියෙන පර්යේෂණවල ඉතාමත් ධනාත්මත ප්‍රතිඵල තියෙන බවත් වාර්තා වෙලා තියෙනවා.“

2017 වෙන කොට මේ  ආයතන තුනම එකතු වෙලා වැඩ කරන අතර අපේ මෙහි මීළඟ ඉලක්කය වෙන්නේ පර්යේෂණ කටයුතු සම්පූර්ණ වුණාම අපි නිෂ්පාදනය, ඉස්සරහාට එහි ස්වභාවික වායු හෝ තෙල් සොයා ගැනීමෙන් පසුව තෙල් නිෂ්පාදනය සඳහා ඒ නිෂ්පාදනය බෙදා හැරීමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජය මේ ආයතන දෙකත් සමඟ සාකච්ඡා කරලා ඉදිරියට යන්න බලාපොරාත්තු වෙනවා.

අපේ න්‍යාය පත්‍රයක් තිබුණා, කාලසීමාවක් ඉලක්ක කර ගෙන ඒ කාලසීමව තුළ ශ්‍රී ලංකාව ස්වභාවික වායු සහ තෙල් නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයට.

මම විශ්වාස කරනවා, අපි කැණීම් කටයුතු ලබන අවුරුද්දේ ආරම්භ කරනවා වගේම 2022 වෙනකොට ශ්‍රී ලංකාව එහි තෙල් හෝ වායු නිෂ්පාදනය කරන රටක් බවට පත්වනවා කියනා එක අපිට සහතික කරලා තියන්න පුළුවන්. මෙය ස්වර්ණමය මොහොතක්.

අපිට ආඩම්බර විය හැතකි මොහොතක්, රටක් හැටියට අපි තව පිම්මක් පනින මොහොතක් හැටියට අපි සියලු දෙනාම සතුටු වෙනවා මේ සඳහා දායක වීමට හැකියාව ලැබීම ගැන.“

Read more

Local News