ගම්පෙරළිය තුන්වැනි අදියර දියත් කරන්න අනුමැතිය

Share

ගම්පෙරළිය තුන්වැනි අදියර දියත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාතයවරයා මේ බව සඳහන් කළේය.

ගම්පෙරළිය වැඩසටහන වඩාත් කාර්යක්ෂම වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල බවට පත්ව ඇති බවත් සියලු මැතිවරණ කොට්ඨාශවලට මෙම වසරේ පළමු මාස 8 තුල කෝටි 30ක් ලබා දී ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ දේශපාලකයින්ට පන්දම් ඇල්ලු ස්වාමීන් වහන්සේලාට පමණක් පන්සල් ගොඩනඟාගත හැකි වු බවත් නමුත් තම වැඩසටහන යටතේ කුඩා ආගමික ස්ථානවලටත් රුපියල් මිලියනය බැගින් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම වසර ඇතුළත ලංකාවේ සෑම කොට්ඨාශයකටම රුපියල් මිලියන 400ක් ලැබෙන බවත් මෙය ඓතිහාසික සංවර්ධන වැඩපිළිවෙලක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම “ජිම් කල්චර් එක” ගමට ගෙන යා යුතු බවත් ඒ සඳහා යෞවන සමාජ හා ක්‍රීඩා සමිති සඳහා කාය වර්ධන කට්ටල ලබා දීමට ද මුදල් වෙන් කර ඇති බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ගම්පෙරළිය වැඩසටහන සඳහා ලෝක බැංකුව වැනි සංවිධානවල ප්‍රශංසාව හිමිව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News