අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන අපරාධමය වාර්තා ලබන සතියේ සිට ඒ ඒ අධීකරණ වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
රස පරීක්ෂක ඒ වැලිඅංග මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍ර 3ක සිදුවූ පිපිරීම්, කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය සහ මඩකලපුව සියෝන් යන දේවස්තානවල සිදුවූ පිපිරිම් සම්බන්ධයෙන් සහ සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම පිළිබඳව කළ අපරාධමය වාර්තා එලෙස ඉදිරිපත් කිරිමට නියමිත බවයි.
අදාළ සියලු ප්‍රහාරයන් සඳහා යුරියා නයිට්‍රේට් නැමති පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.
රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කළේ, අදාළ අපරාධමය වාර්තා අතුරින් කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පිපිරීමට අදාළ වාර්තාව පළමුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
සෙසු වාර්තා ද කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
පිපිරීම් සිදුවු ස්ථානවල අපරාධමය සිදුවීම් වාර්තා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 7 ක් යොමු කර තිබේ.