ජනාධිපතිවරණයේදී පවුල්වාදයට අන්ත පරාජයක් ?

Share

මෙවර ජනාධිපතිවරණයේදීත් පවුල්වාදය අන්ත පරාජයට පත්වන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී ඊයේ(03) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

අපේක්ෂකයා පමා වීම ප්‍රශ්නයක් බවත් පැවසු අමාත්‍යවරයා, නමුත් ජයග්‍රහණය ප්‍රශ්නයක් නොවන බවත් පැවසීය.

පවුල්වාදය මෙවර ජනාධිපතිවරණයෙන් අන්තපරාජයක් ලබන බවත් පැවසු අමාත්‍යවරයා, රට තුළ තව දුරටත් මිලිටරි පාලනයක් සහිත පවුල් වාදයක් ඇති අයට අනාගතයක් නොමැති බවත් කියා සිටියේය.

තරුණ පරම්පරාව මෙන්ම විශේෂයෙන් උගත් පිරිස නැවත වරක් නව බලාපොරොත්තුවක් වෙනුවෙන් එකතු වෙන බවත් පැවසු අමාත්‍යවරයා, සමහර දේශපාලන පක්ෂවල අර්බුදවලින් සිදුවුයේ එම පක්ෂ ජයග්‍රාහී වීම බවද පැවසීය.

94 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් අර්බුදයක් පැවති බවත් කියා සිටි අමාත්‍යවරයා, එයින් සිදුවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ගැළවී ගොස් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම වුවත් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 20 කට බලයට පැමිණි බවත් කියා සිටියේය.

Read more

Local News