අගමැති හා සජිත් තාත්තයි පුතයි වගේ

Share

කවුරුත් මහන්සි වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊයේ(09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වනු ලබන්නේ ද එක්සත් ජාතික පක්ෂයේම රැස්වීම් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට අගමැතිවරයාගේ නම යෝජනා කිරීම ගැන මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අගමැතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔවුන් දෙපළ තාත්තයි පුතයි වැනි බවක් පැවසීය.

කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, නායකයින් දෙපළ සාකච්ඡා කර ඉක්මනින් තරග බිමට එනු ඇතැයි ද පැවසු අමාත්‍යවරයා අපටත් අවශ්‍ය ඉක්මනින් ෆීල්ඩ් එකට බහින්න යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී පසුගිය දා කබීර් හෂීම් අමාත්‍යවරයා හා කිරිඇල්ල මහතා අතර ඇති වු මතවාදමය තත්ත්වය පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කබීර් තමන්ගේ හොඳ මිතුරෙක් බවත් නමුත් කිසි අමනාපයක් නොමැති බවත් පැවසීය.

නිදහස් පක්ෂයක් ලෙස සියලු දෙනා කථා බහ කරන බවත් එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව මෙන් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News