රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට FMM දැඩිව හෙළා දකි

Share

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විශේෂයෙන්ම මැතිවරණ සුදානමක් පවතින අවස්ථාවක මෙම පවරා ගැනීම සිදුවිමෙන් තත්ත්වය වඩාත් බරපතල බවද ඔවුන් පවසයි.

ජනාධිපතිවරයා  සභාපතිත්වය දරන දේශපාලන පක්ෂයෙන් ද ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මේ වන විට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දිමක් ද කර ඇති හෙයින් ඔහු යටතේ පවතින ආරක්ෂ අමාත්‍යංශය යටතට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පත් කිරීම විවාද සම්පන්න බවත් එම ව්‍යාපාරය පෙන්වාදෙයි.

Read more

Local News