2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Share

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ග්‍රාමනිළධාරී කාර්යාලවල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදාර්ශනය කර ඇති බව එම කොම්ෂන් සභාව සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයදුම්කරන රාජ්‍ය නිළධාරීන්ට 2018 ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කර ගනිමින් අදාළ ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කළ හැකි වේ.

එම ඉල්ලුම්පත්‍ර සියළුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිළධාරීන්, ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාම නිළධාරී කාර්යාල වලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News