සුළු පක්ෂ සියල්ල සිටින්නේ අපි සමඟ – මුජිබර්

Share

එළඹෙන බදාදා දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එක් මතයකට පැමිණ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අද(23) කොළඹ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ව්‍යවස්ථාවට අනුකූලව කෘත්‍යාධිකාරි මණ්ඩලයත්, පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ව අපේක්ෂකයා තීන්දු කරනු ලබන අතර, එන් පසුව එක්සත් ජාතික පෙරමුණේ සිටින නායකයින්ට අපේක්ෂකයා සම්බන්ධයෙන් මතවාදය ඉදිරිපත් කල හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

සුළු පක්ෂ සියල්ල සිටින්නේ අපි සමඟ බවත් පැවසු රහුමාන් මහතා, දැන් අපේක්ෂකයින් වැඩි වී තිබීම ගැටළුවක් බවත් පැවසීය.

අනෙක් අයට අපේක්ෂකයන් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, ඔවුන්ට ඇත්තේ රාජපක්ෂලා විතරක් බවද සඳහන් කළේය.

අපේක්ෂකයෝ ගොඩක් ඉන්න නිසා සියලු දෙනා ගැනම බැලිය යුතු බවත් පැවසු ඒ මහතා එය හොඳ තත්ත්වයක් බවත් පැවසීය.

එයින් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින නායකයින් ප්‍රමාණය සිතා ගත හැකි බවත් පැවසු ඒ මහතා, මෙය පවුලේ පක්ෂයක් නොවන බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාට සියලු බලතල තිබිය දී 2015 දී පරාජය කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලය මෙවරත් ලැබෙන බවත් පැවසීය.

කිසිවෙකු ඡන්ද වැඩ සටහන් සඳහා රජයේ මුදල් යොදවන්නේ නැති බවත්, ඕනෑම අයෙකුට තොරතුරු පනත මඟින් ඒ පිළිබඳ තොරතුරු දැන ගත හැකි බවත්ය.

ආණ්ඩුවේ වියදම් ගැන ඕනෑම දෙයක් ඉල්ලා ගත හැකි බවත්, මැතිවරණයේ දී ජනතාවගේ තීන්දුව බලමු යනුවෙන් ද මුජිබර් රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News