මැතිවරණ නීති කඩන්න එපා – බැසිල්

Share

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් ,සහෝදර පක්ෂ  සහ විවිධ සංවිධාන  නියෝජිතයින්  සහභාගී වූ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය උල්ලංඝනය  කිරීමට කිසිදු පක්ෂයකට සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන්නැයි ද මෙහිදී  බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read more

Local News