2020 ජනවාරියේ නැවතත් රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙයි

Share

2‍020 ජනවාරි මස 01 දින සිට යළිත් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබුණි.

එකී වැටුප් වැඩිවීමෙන් පළමුව සියයට 50ක් 2020 ජුලි මස 01 දා සිට ගෙවීමට නියමිතව තිබුණි. ඉතිරි 50%ට 2021 ජනවාරි මස 01 දා ගෙවීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ලබන වසරේ ජුලි මස වැඩිකිරීමට නියමිතව තිබූ වැටුප් වැඩිවීම ජනවාරි මස ගෙවීමට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News