හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරුණු යාචකයෙක් අත්අඩංගුවට

Share

හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රීරෝද රථයකට ගල් වලින් පහර දි දෙදෙනෙකුට පහර දි තුවාල සිදු කළ යාචකයෙකු හැටන් පොලිසිය මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

මානසික රෝගියකින් පෙලෙන යාචකයා හැටන් නගරයේ සැරිසරන අතර අද උදැසන එකවරම හැටන් නගරයේදි දෙදෙනෙකුට ගල් වලින් පහර දි තුවාල සිදු කර නගර මධ්‍යයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට පහර දි අලාභ හානි සිදු කර ඇත.

කලහකාරි ලෙස හැසිරුණු යාචකයා අල්ලා ගැනිමට ප්‍රදේශවාසින් උත්සහ කිරිමේදි යාචකයා දිවගොස් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැගව සිටියදි ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසිය වෙත භාරදි තිබේ.

හැටන් නගරයේ ඇතැම් තරුණයන් එම යාචකයාට උසුළු විසුළු කිරිම නිසා එම යාචකයා ඇතැම් අවස්තාවල උසුළු විසළු කර තරුණයන්ට ගල් වලින් පහර දි පලා යන බව හැටන් නගරයේ ව්‍යාපාරිකයන් පැවසු බව අප වාර්තාකරු පැවසීය.

කලහකාරි ලෙස හැසිරුණු යාචකයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් රැගෙන අංගොඩ මානසික රෝහල වෙත යොමු කිරිමට කටයුතු කරන බව හැටන් පොලිසිය පවසයි.

Read more

Local News