මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේ හෝ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවතවදුරටත් ඉහළමට්ටමක පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලමඅම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදීද මද වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News