මුලතිව්හි ඉඩමකින් මිනිස් ඇටසැකිලි තොගයක්

Share

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් ඊයේ (20) සවස පොළවෙන් මතුවී තිබූ බවට ප්‍රදේශවාසීන්  පවසති.

සුදන්දිරපුරම් ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ නිවසක් ඉදිකිරීම වෙනුවෙන් පොළව හෑරු අවස්ථාවේදි පස් සමග අස්ථි කොටස් කිහිපයක් මතුවී ඇති අතර පසුව එම වැසියා විසින් ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.

පසුව අදාළ  ස්ථානයට පුදුකුඩුඉරිප්පු පොලීසිය පැමිණ පරික්ෂා කොට ඇති අතර අදාළ අස්ථි මිනිස් අස්ථිවලට සමානයැයි සැක සහිත වීම හේතුවෙන් එම ප්‍රදේශය ආවරණය කොට ආරක්ෂාව යෙදීමට පියවර ගනු ලැබීය.

අද (21) දිනයේදි මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අස්ථි මතුවූ ස්ථානයේ වැඩිදුර කැනීමක් සිදු කිරීමට නියමිත බවට පරික්ෂණ සිදුකළ පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News