අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුව වෙත අද දෙවන දිනටත් පැමිණ තිබේ.
අග්‍රාමත්‍යවරයා මේ වන විට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහ පැමිණ ඇති බව වාර්තා වෙයි.
පසුගිය 18 වනදා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගීවිමට සිදුව ඇති බැවින් එදින පෙනී සිටිය නොහැකි බව දැනුම්දී තිබුණි.
මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.
මෙම විමර්ශනයට අදාලව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා, දයා ගමගේ අමාත්‍යවරයා සහ මත්තල ගුවන් තොටුපලේ කළමනාකරු නලින් උපුල් කලංසූරිය මහතා සාක්ෂි ලබාදී තිබුණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටියේය.