නීති විරෝධී කසිප්පු තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද කසිප්පු තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරච්චිකට්ටුව -වැලිපෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (27) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු පදවා ගෙන පැමිණි යතුරු පැදියේ පොලිතින් උරයක බහාලන ලද කසිප්පු බෝතල් 75 ක් තිබී ඇත.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read more

Local News