නිවසක් තුළ නිධන් සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට

Share

වව්නියාව, පූන්තෝට්ටම්, අන්නානගර් ප්‍රදේශයේ ‍නිවසක් තුළ නිධන් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු අද (01) අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත සහෝදරයින් තිදෙ‌නෙකු ඔවුනට අයිති නිවසක් කැනීම් කොට නිධන් සෙවීමට උත්සහ කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වයස අවුරුදු 21, 19 හා 16 වයසේ පසුවන සහෝදරයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News