කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට හෙටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඉන් අනතුරුව ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇය ඊයේ පස් වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.
ඊයේ පස්වරු 6 දක්වා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබාදුන් බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
ස්විට්සර්ලන්ත, තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික කාන්තාව, ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව