දියේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි නාවික හමුදාව බේරා ගනී

Share

ගාල්ල වරාය පිවිසුම් මුහුදේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ඊයේ (14) දින නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

 

ගාල්ල වරායේ ආරක්‍ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ඇති නාවික පුද්ගලයින් විසින් ගාල්ල වරාය පිවිසුමේ සිට ගාල්ල නගරය දෙසට මුහුදේ යම්කිසි පුද්ගලයකු දියේ ගිලෙමින් සිටින බවට නිරික්ෂණය කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයා ‍බේරා ගැනීම සඳහා සහන කණ්ඩයාමක් පිටත් කර යවන ලදී.

මෙහිදී නාවික හමුදාව විසින් දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට සමත් වූ අතර, බේරා ගනු ලැබූ කාන්තාව ගාල්ල පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ ජැටිය වෙත රැගෙන එමට කටයුතු කරන ලදි

අනතුරුව සිහිසුන් තත්වයේ සිටි එම කාන්තාව හට නාවික හමුදා වෛද්‍ය සහයක අංශයේ නාවිකයන් විසින් මුලික ප්‍රථමාධාර ලබාදි ජිවිත අවදානමෙන් ඇය මුදවා කඩිනමින් වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

මෙම කාන්තාව වයස අවුරුදු 48 ක් පමණ වන හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, මෙම සිදුවීම ඇය විසින් සියදිවි හානිකර ගැනිමට දැරූ උත්සහයක් බවත් කරුණු අනාවරණය කර ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරාපිටිය, රෝහල් පොලිසිය සහ ගාල්ල වරාය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News