මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කරන ලද පවුල් දැඩි පිඩාවට

Share

මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කරන ලද පවුල් 3000ක ඉල්ලිම් කීපයක් ඇතුලත් සංදේශයක් ගොවි සංවිධාන නායකයින් විසින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට බාරදීම අද (13) දින සිදු කෙරිණි.

 

මොරගහකන්ද හා කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කරන ලද පවුල් 3000ක් සඳහා දෙකන්නයේ වගා කිරීමට වාරි ජලය ලබාදීම කඩිනම් කිරිම, අතිරේක බෝග හා එළවලු වගාවන්හි ජලය ලබාගැනීමට පොරොන්දුවූ ඉන්ධන සහනාධාරය ලබාදීම,පානිය ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීම ඇතුළු ඉල්ලිම් කීපයක් ඇතුලත් සංදේශයක් ගොවි සංවිධාන නායකයින් විසින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට බාරදීම අද (13) දින සිදු කෙරිණි.

සමස්ත ලංකා ගොවිජන  සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි නායකයින් විසින් ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩි,බි,විජයරතන මහතාට එම් සංදේශය බාරදුන් අතර එම සංදේශයේ පිටපත් මිට ප්‍රථම ජනාධිපතිවරයාට හා විෂයභාර අමාත්‍යවරයාට ද යොමුකර ඇති බව මෙහිදී නාමල් කරුණාරත්න මහතා පවසා ඇත.

එම් සංදේශය මඟින් පෙන්වා දී ඇති ඉල්ලීම පිළිබදව මීට පෙර රජයේ විෂයභාර ඇමැතිවරුනට හා රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ අවස්ථා කීපයකදී සාකච්ඡා කර ඇති  නමුත් එම් ගැටළුවලට තවමත් විසඳුම් ලබාදීමට අපොහොසත් වීමෙන් නැවත පදිංචි කරන ලද ජනතාව දැඩි පිඩාවට පත්ව සිටින බව පැවසිය.

අනාගත සංවර්ධනය උදෙසා තම පාරම්පරික  ග්‍රාම සේවා වසම්  16ක ජනතාව තම ගම්බිම් ගේදොර අත්හැර වසර හතක කාලයක් තිස්සේ  ජීවත් වීමට කිසිදු පහසුකමක් නොමැතිව තම ජන් ජීවිතය සම්පුරණයෙන් අවුල් ජාලාවක් බවට පත්කර ඇති බව කියා සිටි නාමල් මහතා දෙකන්නයේ වී වගා කරමින් ජීවත් වූ ජනතාවට අද ආණ්ඩුවෙන් ලබාදෙන වියළි ආහාර සලාකය දෙස බලා සිටීමට සිදුවීම මොන තරම් ඛේදනීය ද යන්න ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී මොර්ගහක්නද ව්‍යපෘති අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ඉදිරි සංවර්ධන කාර්යන් සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉහළ කළමනාකාරිත්වයට දැනුම්දී ඇති බවයි.

ලබන මැයි මස වන විට ව්‍යාපෘතියේ වම් ඉවුර ජනතාවට වගාව සඳහා ජලය ලබාදිය හැකි බව ද ඔහු පවසා ඇත.

දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු සිදුකළ සමාගම් එම් ඉදිකිරීම් වලින් මේ වනවිට ඉවත්ව ඇති බවත් ඔවුන්ට මිලියන් 1100 ක් ගෙවීමට ඇති බවත් එම මුදල ද ඉල්ලා ඇති බවත්, මුදල් ලැබීමෙන් පසු එහි සංවර්ධන කටයුතු ආරම්භ කළ හැකි බවත් ඔහු පැවසිය.

Read more

Local News