විජයකලාගේ නඩුව ජුලි 03 වැනිදා කැඳවයි

Share

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට මෑතක දී ප්‍රකාශයක් සිදු කළ හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලීසිය අද(14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

 

මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ අවසන් කර ඊට අදාළ ලේඛන සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම පැමිණිල්ල නැවත ජුලි මස 3 වනදා කැඳවීමට නියම කළ අධිකරණය මෙම නඩුවට අදාල නීතිපති උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට ද අධිකරණය නියම කළේය.

Read more

Local News