පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Share

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත හා සේවයේ අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජි.අයි.ඩි.ආර්. විජේසිංහ මහතා ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රවර්ථන දිසාව ලෙස පත් කර ඇත.

මිට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඒ.ආර්.පි.ජේ. ද අල්විස්, ඩි.ජි.එස්. ද සිල්වා, පොලිස් අධිකාරීවරුන් වන ඩි.එම්.තිලකරත්න, එම්.පි.පෙරේරා, ඩි.එස්.විජේසිංහ යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුකර ඇති බව සඳහන්.

සහකාර පොලිස් අධිකාරීවරුන් වන එච්.එම්.ගුණවර්ධන, පි.එම්.ජයවර්ධන, කේ.සි.ආරියවංශ, එන්.වි.ලෝරන්ස්, ටී. ලුඩවයිට්, එස්.එස්.පෙරේරා යන මහත්වරුන්ද මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර ඇත.

මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බි. ප්‍රියන්ත මහතා කයිට්ස් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසත්, පොලිස් පරීක්ෂක ඒ.ඩබ්ලිව්.එස්. නිශාන්ත මහතා පන්සියගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

Read more

Local News