වෝහාරික විගණන වාර්තාවේ නඩු පැවරීමේ වගකීම මහබැංකුවටයි

වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් ජනපති ලේකම්වරයා විසින් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එම ලිපිය තමන් හැන්සාඩ් ගතකරන බවයි.

එසේම ජනපතිවරයාගේ ලිපිය අනුව මහබැංකුව කෝප් කමිටුවට කැඳවා අදාළ වාර්තාව සම්බන්ධයෙන් නඩු පැවරීමට අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී අදාළ පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.