ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය වසයි

Share

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

 

නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවුවන් දින 5ක් පුරා විරෝධතා සිදු කිරීමට වෙන් කර ඇති ස්ථානයේ උපවාසයක නිරත සිටි අතර ඔවුන් අද (24) ගාලුමුවදොර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතව තිබේ.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දැමුණු බව අප වාර්තාකරු පැවසීය.

Read more

Local News