තවත් කොරෝනා ආසාදිතයින් 3ක් සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Share

කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ‍ගණන 21 ක් වෙයි.

අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (01) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් තිදෙනකු තහවුරු වී ඇති බවයි.

මෙම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ යාපනය, මාරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක්.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් රෝගීයෙක් අද උදෑසන සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත

Read more

Local News