ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන නඩු පැවරූ පුද්ගලයින් 7661 දෙනෙකුට දඬුවම් නියම කර තිබේ.
මේ වන විට ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 19,582 දෙනෙකුට නඩු පැවරා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අද(24) උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 152ක් පොලිස් භාරයට ගෙන තිබේ.
දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 62,677 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
එම කාලය තුළ රථවාහන 17,612ක් සිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.