රට නැවත විවෘත කිරීමට ගත් තීරණය අමෙරිකාව අත්හිටුවයි

Share

රට නැවත විවෘත කිරීම සඳහා ගත් තීරණය අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇත.

 

දෛනිකව එරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්සංඛ්‍යාව වර්ධනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රටවල් කිහිපයක් නැවත විවෘත කිරීමට තීරණය කළ ද එම රටවලින්වාර්තා වන කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හදුනාගැනීමත් සමඟ අදාල තීරණය අත්හිටුවීමටපියවර ගත් අවස්ථා දක්නට ලැබුණි.

ඒ අනුව අමෙරිකාව ද රට නැවත විවෘත කිරීමට ගත් තීරණය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 25 ලක්ෂ 53,068 දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ එක් ලක්ෂ 27,640 ක් වාර්තා වී ඇති බව සදහන්.

Read more

Local News