බහරේන්වල සිටි පිරිසක් දිවයිනට පැමිණෙයි

Share

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

 

මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් බව වාර්තා වේ.

එමෙන්ම කටාර්හි සිට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

මෙම පිරිස ගුවන්තොටුපළේ දීම පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ.

Read more

Local News