සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින්ට නිවේදනයක්

Share

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරින් නැවත සේවයේ පිහිටුවිමට අදාළ අභියාචනා මේ මස 17වන දින දක්වා කැඳවන බව රජය පවසයි.

 

ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා වෙත එම අභියාචනා යොමුකළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අදාළ පුවත්පත් නිවේදනයක් පසුගිය මස 17වන දින පළකර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk සහ පොලිස් දෙපාර්තමේන්තුවේ www.police.lk  යන වෙබ් අඩවිවලින් මගින් ඒ පිළිබඳ තොරතුර ලබාගත හැකි බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News