ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් – යුද හමුදාපති

Share

ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

”ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වනවා.මොන රැල්ලක් එන්නත් දෙන්න ඕනේ සමාජය තුලින් රටේ ඉන්න ජනතාව මාර්තු මාසයේ 10 වැනිදා ඉදලා අප්‍රේල් 30 වැනිදා දක්වා වු කාලය තුළ විශාල කැපකිරීම් කරමින් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් කටයුතු කරපු නිසා තමයි අප්‍රේල් 30 වැනිදා සමාජයේ අවසන් ආසාදිතයා බවට පත්වීමට වග බලාගත්තේ විශේෂයෙන්ම මේ කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්තානයේ සේවය කරපු අයවලුන් ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ කදවුරේ ආසාදිතයින් ඉන්නවා කියලා නොදැනුවත්කමින් නිවාඩු ඇවිල්ලා යම් යම් ස්ථානවල ගිහිල්ලා තියෙනවා”

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මහජනතාව නිසි සෞඛ්‍ය මාරේගෝප දේශ පිළිපැදිය යුතුව ඇති බවයි.

තවද ආසාදිතයෙකු නොවී සිටීමේ වගකීම සියලු පුරවැසියන් සතුව ඇති යුතුකමක් බව ද යුද හමුදාපතිවරයා  අවධාරණය කළේ ය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ, ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහැර සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කරනු ලබන වාර්ෂික කොප්පරා පූජාවට එක්වීමෙන් අනතුරුවයි.

7 වැනි වරටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබා පාබල රෙජීමේන්තුව අයත් පොල්වත්තකින් නිෂ්පාදනය කරන ලද කොප්පරා ටොන් 5 ක් අද දළදා මාලිගාවට සහ හතර මහා දේවාලවලට පූජා කෙරිණ.

Read more

Local News