ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අභවප්‍රාප්ත වෙයි

Share

දෙස් විදෙස් කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාවේදියකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28) මහනුවර දී අභවප්‍රාප්ත වී ඇත.

ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අභවප්‍රාප්තවනවිට 74 වැනි වියේ පසුවිය. දෙස් විදෙස් සම්මන රැසකින් ඇගයීමට සමත් වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ සිනම කරුවෙකි.

සිනමා අධ්‍යක්ෂකවරයකු, තිර රචකයකු ලෙස සිය අනන්‍යයතාවය සනිටුහන් කිරීමට ඔහුට හැකි විය. ‘අහස්ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘පොන්මනී’ ඇතුළු සිනමා නිර්මාණ රැසක්
බිහිකළ අග්‍රගන්‍ය සිනමාකරුවෙකු ලෙස ධර්මසේන පතිරාජයන් ගෞරවයට පාත්‍ර විය.

ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිනමාව පිළිබඳව තමන් උගත් දැනුම තරුණ විද්‍යාර්ථයින්ට ලබාදීමට ද ආචර්ය ධර්මසේන පතිරාජයන් කටයුතු කළ අතර ඒ මහතාගේ
පරිශීලනයක් විද්‍යාර්ථයන්ගේ පර්යේෂණ සඳහා මහගු උපකාරයක් විය.

ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ චිත්‍රපට අංශයේ උපදෙශක අධ්‍යක්ෂවරයා ලෙස සිය සේවය ලබාදුන් අතර එම කාලයතුළ සුවිශේෂී වාර්තා චිත්‍රපට රැසක් සමාජගත කිරීමට දායක විය.

Read more

Local News