ජනපති පොදු සමාව දීමට සුදුසු සිරකරුවන් 902කගේ ලැයිස්තුවක්

Share

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

 

ඒ, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.

ජනපති අනුමැතියෙන් එලෙස නිදහස ලැබීමට නියමිතව ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් ය.

සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගියදා කමිටුවක් පත් කළේ ය.

ඒ, බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් ය.

කමිටුවේ සභාපතිත්වය දරන්නේ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

Read more

Local News