ජනපතිගේ මුලීක පරමාර්ථය ගැන ඇමැති මහින්ද කියන දේ

Share

ජනාධිපතිවරයාගේ මූලීක පරමාර්ථය හරිත නගර නිර්මාණය කිරිම බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

 

වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කර ගනිමින් ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සිදු කරන විට හැකිතාක් දුරට පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍යවරයා වැඩ්දුරටත් සදහන් කළේය.

මෙතෙක් බලයට පත්වු කිසිඳු රජයකින් රට තුළ සංවර්ධන කටයුතු සිදු කරන විට පරිසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොකළ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඊට හාත්පස වෙනස් මුහුණුවරක් ගන්නා බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කිසියම් වූ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේ දී යම් ගස් ප්‍රමාණයක් කපා දැමීමට සිදු වන්නේ ද ඒ ගස් ප්‍රමාණය මෙන් දෙගුණයක් ගස් සිටු වීම අනිවාර්යය කරුණක් වන බව ද ඇමැතිවරයා සදහන් කළේය.

Read more

Local News