කෙසෙල්වත්තේ කසුන් අත්අඩංගුවට

Share

එඩේරමුල්ල ප්‍රදේශයේ දී “කෙසෙල්වත්තේ දිනුකගේ” ගෝලයෙක් වන කෙසෙල්වත්තේ කසුන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

ඊයේ රාත්‍රීයේ පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 06ක්, තියුණු අවි ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් ලබා ගන්නා ලද ලොරි රථයක් සහ නවීන යතුරු පැදි තුනක් ද සොයාගෙන ඇත.

සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වී ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Read more

Local News