සියදිවි හානිකරගත් සුෂාන්ත්ගේ, පෙම්වතිය සැකපිට අත්අඩංගුවට

Share

ඉන්දීයාවේ මෙන්ම ලංකා රසිකයන්ගේද හිත් දිනාගත් ජනප්‍රිය නළුවකු වූ  සුෂාන්ත් සිං රාජ්පුට් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ, ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිව මුම්බායි හිදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රියාගේ දුරකථනයේ  WhatsApp සමාජ මාධය හරහා හුවමාරු වී ඇති පණිවුඩ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සහ දවස් 3ක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ සහෝදරයා වන ෂොවික් චක්‍රබෝර්ති සහ සුෂාන්ත් සිං රාජ්පුට්ගේ නිවසේ කලමණාකරු වන සැමුවෙල් මිරැන්ඩා යන දෙදෙනා මීට සතියට පෙර අත්අඩංගුවට ගත්තේ ද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේය.

ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය  මුම්බායි කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ෂොවික් සහ මිරැන්ඩා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

MS Dhoni: The Untold Story චිත්‍රපටයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙන් සුෂාන්ත් වඩාත්ම ජනප්‍රියත්වයට පත්විය.

රාජ්පුට්ගේ මළසිරුර ඔහු ජීවත්වූ මහල් නිවාසයේ තිබී පසුගිය ජූනි 14 වෙනි දින සොයාගන්නා ලද අතර පොලීසිය ප්‍රකාශ කළේ එය සියදිවි හානිකර ගැනීමක් බවයි.

රාජ්පුට්ගේ ඥාතීන් සහ රසිකයින් චෝදනා කරන්නේ එය ඝාතනයක් හෝ සියදිවි නසා ගැනීමට පෙළඹවීමක් බවයි.

සුෂාන්ත් ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තවලින් එකක් වන බිහාර් ප්‍රාන්තයේ ඉපිද ඉමහත් උනන්දුවෙන් කටයුතු කර ඉන්දියාවේ ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යායතනයකට ඇතුල්වීමට සුදුසුකම් ලැබුවේය.

එවැනි අවස්ථාවක් ලැබීම ඉන්දියාවේ සලකනු ලබන්නේ මධ්‍යම පන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් උදාවීමක් ලෙසිනි.

සුෂාන්ත් ගේ සිහිනය වූයේ ඉංජිනේරුවකු වීම නොව රඟපෑම වන අතර එම සිහිනය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් ඔහු බිහාරයෙන් ඉවත්ව හින්දි සිනමා කර්මාන්තයේ ‘බොලිවුඩ්’ පුරය පිහිටි මුම්බායි කරා සංක්‍රමණය විය.

Read more

Local News