ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දිය යුතුයි – ජනපති

Share

රටේ ආගමට, දහමට ලැදි දරු පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

ජනපතිවරයා පෙන්වා දෙන්නේ රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය හේතුවෙන් බවයි.

ඊයේ (24) පස්වරුවේ දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෑම ආගමකම ලියාපදිංචි දහම් පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන ලෙසද, ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දි තිබේ.

විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට බඳවාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Read more

Local News