ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට

Share

ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

 

යතුරුපැදි 19ක්, ත්‍රීරෝද රථයක් 3ක් සහ ලොරි රථයක් ලෙස රථවාහන 23ක් පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයෙන ඇතැම් ආයතන විවෘත කර තැබීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

Read more

Local News