කොරියානු ආයෝජකයින්ට අගමැතිගෙන් ඇරයුමක්

Share

කොරියානු ආයෝජකයින්ට මෙරට තුළ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇරයුම් කර තිබෙන බව වාර්තා වෙයි.

 

අරලියගහ මන්දිරයේ දී මෙරට කොරියානු තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පැවසු කොරියානු තානාපතිවරයාට මෙරට තුළ ආයෝජනය කිරීමට එක්වන ලෙසයි.

දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර තිබේ.

පසුගිය මහා මැතිවරණයෙන් පසු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙම හමුවේ දී කොරියානු තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක්කර ඇති අතර, රජය ලැබු ජනවරමට හේතුවුයේ විශ්වසනීය බැඳීම බවද තානාපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවද තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මෙරට මහ කොරියාව අතර ද්විපාර්ශවික සහයෝගිතාව වර්ධනය කරගත හැකි අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවාවන් පිළිබඳව ද දෙපාර්ශවය අතර දිර්ඝ ලෙස කරුණු සාකච්ඡා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Read more

Local News