Home දේශීය පුවත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

0
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ තවදුරටත් ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here