ව්‍යාජ තොරතුරු දෙන කොවිඩ් ආසාදිතයින්ට දෙන දඬුවම

Share

ව්‍යාජ තොරතුරු ලබාදෙන කොරෝනා ආසාදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

PCR පරීක්ෂණ සිදු කිරීමේදී, රෝහලට ඇතුළත් වීමේදී හා අනෙකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබා දෙන බවට පසුගිය සමයේ තොරතුරු වාර්තා වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේ ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව, රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීම, කූඨ ලේඛන සැකසීම, වංචා කිරීම යන සියලු චෝදනා සමග නිරෝධායන රීතින් යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එවැනි චෝදනාවන්ට වරදකරුවන පුද්ගලයෙකුට අවුරුදු 5 දක්වා කාලයක, දෙයාකාරයකින් බන්ධනාගාරගත කර දඬුවම් කිරීමේ හැකියාව පවතින බවය.

Read more

Local News