Home දේශීය පුවත් සති අන්තයේ සංචරණය සීමා කරන්න

සති අන්තයේ සංචරණය සීමා කරන්න

0
සති අන්තයේ සංචරණය සීමා කරන්න

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සතිඅන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කර තිබෙනවා. නමුත් සුළු පිරිසක්  PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර තිබෙනවා. එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක්  හුදකලා කර තැබීමට සිදුවෙනවා. ඔබේ ප්‍රදේශය ඉක්මණින්ම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here