දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව දහම්පාසල් ගුරුවරුන්ට නිල ඇදුම් ලබා දීමේ වැඩපිළිවෙලට මිලියන 212 ක් වෙන් කොට තිබුණ ද COVID – 19 වසංගතය හේතුවෙන් නිල ඇදුම් බෙදා දීමේ වැඩපිළිවෙලේ යම් කිසි ප්‍රමාදයක් සිදුව තිබෙන බව ඒ මහතා මෙහි දී සදහන් කළේය.
එමෙන්ම, මෙම නිල ඇදුම් ලබා දීමේ වැඩසටහන දේශීය කර්මාන්තය හරහා මෙලෙස නිල ඇදුම් බෙදා දීමට ඉදිරිපත් වීම නිසා හැකි ඉක්මණින් එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



